30.6 C
Colombo
May 26, 2026
Local NewsNews

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම තරග කරන බවත් උන්වහන්සේ කියාසිටියහ.

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම සිදුකරන බවද ආනන්ද හිමියෝ පැවසූහ.

අද වන විට රට ඇද වැටී තිබෙන විනාශකාරී තත්ත්වයන් ගොඩගත හැකි එකම පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවද කී උන්වහන්සේ ලංකාව නැවතත් ලෝකයේ බැබලවීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි බවද කියා සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…

Shiran Viraj

රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

Shiran Viraj