26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා.

කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වූ  ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා. 

අනතුරින් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වෙන්නේ. 
තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Shiran Viraj

රනිල් එක්ක ආණ්ඩු කරන්න ජනපතිගේ සූදානමක් නෑ

Shiran Viraj