28.4 C
Colombo
July 10, 2026
Local NewsNews

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා.

කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වූ  ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා. 

අනතුරින් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වෙන්නේ. 
තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj

ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්

Shiran Viraj

‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..

Shiran Viraj