26.7 C
Colombo
April 3, 2026
Local NewsNews

ඇබඩින් දිය ඇල්ලේ සැඩ පහරකට හසුවූ විදේශික කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් බේරා ගැනේ

ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් සමත් වු බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

අද (25) පස්වරුවේ එම විදේශික කාන්තාවන් දෙදෙනා සහ මග පෙන්නන්නා ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගොස් දිය ඇල්ලෙන් පහල කෙසෙල්ගමු ඔයේ මැද ගල් තලාවක් මත රැදි සිටිමින් ඡායාරුප ගනිමින් සිටියදී එක වරම ඇබඩින් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවත් ඉන් අනතුරුව ගඟ මැද ගල් තලාවේ රැදි සිටි තිදෙනාට එගොඩ විමට නොහැකිව සිටියදි ප්‍රදේශවාසීන් යුධ හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් එක්ව කඹ ලණු යොදාගෙන ඔවුන් තිදෙනාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද පස්වරුවේ සිට වාන් දැමිමට පටන් ගෙන ඇත. විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග ඇබඩින් දිය ඇල්ලට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

Shiran Viraj

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Shiran Viraj

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj