28.4 C
Colombo
September 19, 2026
BusinessBusiness NewsNews

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2019 දෙසැම්බර් 31 දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි. සිය අනෙකුත් වෘත්තීය කටයුතු නිසා පැන නැගී ඇති කාර්යබහුලතාවය හේතුවෙන් සහ පුද්ගලික කරුණු හේතුවෙන් ඇය අදාළ තනතුරින් ඉල්ලා අස් වන බව සමාගම් ලේකම් වැඩිදුරටත් පවසයි.

2018 ඔක්තෝබර් 01 දින ඇය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත්වීම් ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ පෙළ් තනතුරු කිහිපයක්ම හොබවා ඇති ඇය 2003 සිට 2006 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වශයෙන් කටයුතු කළාය. මානව හිමිකම් ක්‍රියාකාරිනියක මෙන්ම නීති විශාරදවරියක් ලෙසින් ද ඇය ප්‍රසිද්ධියට පත් වී සිටී. ඇය New York University of Law හි නීතිය පිළිබඳ ගෝලීය මහාචාර්යවරියකි.

ආචාර්ය රාධිකා කුමාරස්වාමි, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සොහොයුරියක වේ. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම මස 20 දින මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Related posts

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

Shiran Viraj