27.2 C
Colombo
July 4, 2026
Local NewsNews

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි මෙම අනාවැකියේ දැක්වෙන්නේ.

සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80 ක් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව ද අදාළ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි  බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…

Shiran Viraj

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

Shiran Viraj