February 2, 2026
NewsPolitical

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ඉදිරිපත් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වනවා.

හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
 


(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

Shiran Viraj

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

Shiran Viraj

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

Shiran Viraj