April 3, 2026
NewsPolitical

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

ජනවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන රාජාසන කතාව විපක්‍ෂය සතු බහුතරයෙන් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් යෝජනා කර ඇත.

මෙම කතාව පරාජය කරවීම මගින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

නමුත් තවත් මන්ත‍්‍රී පිරිසක් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිගේ රාජාසන කථාව අවසන් වූ සැණින් පාර්ලිමේන්තුව කල් තබනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය නැවත වතාවක් වාර අවසාන කර මැතිවරණය තෙක් පාර්ලිමේන්තුව නොකැඳවනු ඇති බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj