September 19, 2026
Local NewsNews

කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දීමට සූදානම් වෙමින් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

ජනතා මතයට ගරු නොකරන ආණ්ඩුව ඒ ආකාරයෙන් තමන්ට රිසි පරිදි කටයුතු කළහොත් අකුලාගෙන ගෙදර යාමට සිදු වනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

ඉන්දියාව විසින් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් නොමිලේ ලබාදීම තුළ ද යටි අරමුණක් තිබිය හැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එය සමහර විට නැගෙනහිර ජැටියට දුන් අල්ලසක් විය හැකි බවද හිමියෝ පවසති කියා සිටියහ.

කැලණියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Related posts

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

Shiran Viraj

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj