33 C
Colombo
April 21, 2026
NewsPolitical

දුම්රිය රාජ්‍ය ඇමති නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අද (10) නාවලපිටිය දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානය සතු ඉඩම් ආරක්‍ෂා කර ගනිමින් එම ඉඩම් පිරිසිදුව පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදි දුම්රිය ස්ථානාධිපතිවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දෛනිකව රාජකාරී සදහා දුම්රියෙන් ගමන් කරන මගීන්ගේ වාහන ගාල් කිරීමට රථ ගාලක් ඉදිකිරීමට කටයුතු කරන ලෙසටද රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එම අවස්ථාවේ නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගා වූ දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රියට රාජ්‍ය අමාත්‍යවරයා ගොඩවී එහි සිටි මගීන්ගෙන් දුම්රියේ පවතින ගැටළු පිළිබදවද විමසා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අදත් දුම්රියක් කොට උඩ

Shiran Viraj

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Shiran Viraj

මරුවා අතින් ගෙන මගී බෝට්ටු ගමනේ…

Shiran Viraj