26.1 C
Colombo
May 26, 2026
NewsPolitical

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර ඇත.

ෆවුසි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර එම ලිපිය ලැබුණු බව ඊයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු කැබිනට් ඇමති ධූරයක්ද හිමිවනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර ඒ එච් එම් ෆවුසි මහතා සඳහන් කරන්නේ තමන් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරන්නේ අධිකරණ නියෝගයක් ලැබුණහොත් නව මන්ත්‍රීධුරයක් පත් කිරීම අත්හිටුවීමට තමන්ට සිදුවුණු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පැය 4ක විදුලි කැපිල්ලක් එනවා…

Shiran Viraj

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj

ඉන්ධන මිල අඩු කිරීමෙන් වාසියක් නෑලු..

Shiran Viraj