27.8 C
Colombo
July 4, 2026
Local NewsNews

සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේ

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ටැංකි පිටාර ගැලීම නිසා බාහිර පරිසරයට වැසි ජලය සමඟ එක්වූ ඉන්ධන පැතිර යාමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. 

එසේ පැතිරයාම වැළැක්වීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. 

පවතින වර්ෂාපතනය අඩු වී කැළණි ගඟේ ජල මට්ටම ද අඩු වීමේ දී පට්ටිවෙල ඇල හරහා මෙම දැවි තෙල් කැළණි ගඟට එක් වීමේ අවදානමක් පවතිනවා. එසේ මෙම දැවි තෙල් කැළණි ගඟට මිශ්‍ර වුවහොත් කැළණි ග‍ඟෙන් ජලය ගන්නා බියගම සහ අඹතලේ ජලපවිත්‍රාගාර වලින් බෙදා හරින පානීය ජලයට යම් බලපෑමක් වන බව වාර්තාවල සඳහන්. 

ඒ හේතුවෙන් නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමේ මෙහෙයුම දියත් කර ඇති අතර පාවෙන ඉන්ධන බාධක යෙදීමත් දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මඟින් පෙරා ඉවත් කිරීමත් එහිදී සිදුවනු ඇති. 

Related posts

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුද හමුවේ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්

Shiran Viraj

කොරෝනා ඩෙල්ටා 70%කින් වැඩි වෙයි.. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රබේධය බවට.. රටම යලිත් වහන්න වෙන බව දන්වයි..

Shiran Viraj

ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළට

Shiran Viraj