February 24, 2026
NewsPolitical

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සඡ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලූ ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප‍්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැුසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත‍්‍රය සඡ්ජායනා කිරීම සිදු වනවා. එබැවින් සියලූම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත‍්‍රය සජ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහාසංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා.

nethnews

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj

අද සිට වැසි අඩුවන ලකුණු

Shiran Viraj

අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී

Shiran Viraj