May 22, 2026
Local NewsNews

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙන වෘත්තීය ගැටලු රජය විසින් විසඳා ඇති නමුත්, එම සංගමයේ නායකත්වයට ඇත්තේ දේශපාලනික අවශ්‍යතා මත පදනම් වූ ගැටලු බැවින් ඒවා විසඳීමට රජයට නොහැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ වර්ජන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රකාශ කළද, ප්‍රායෝගිකව රෝහල් පද්ධතිය තුළ එවැනි වර්ජන තත්ත්වයක් දැකිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. වෛද්‍යවරුන් සුපුරුදු පරිදි රෝහල්වල රාජකාරි කටයුතුවල නිරත වන අතර රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව සිදු වන බව ද ඔහු අවධාරණය කළේය.

වෛද්‍යවරුන්ගේ සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව රජයට කිසිදු බලපෑමක් දැනී නොමැති බවත්, එබැවින් ඔවුන් කැමති ඕනෑම ක්‍රියාවලියක් දිගටම කරගෙන යන ලෙස තමන් දැනුම් දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් රජය අපහසුතාවයට පත් කිරීමට දරන උත්සාහය සාර්ථක වී නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේ

Shiran Viraj

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Shiran Viraj