April 4, 2026
Local NewsNews

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. 

ඒ අනුව සතියක් තුල අදාල දීමනාව ලබා දී අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.  දෙවන අදියර යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ රුපියල් 5000 දීමනාව හිමිවීමය නියමිත පවුල් සංඛ්‍යාව හාර ලක්ෂ 64,254 ක්. ඒ සදහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2, 321ක් වනවා. 

ඉන් රුපියල් මිලියන 416ක් මේවනවිටත් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට ලබා දී අවසන්. ඉතිරි මුදල මේ මස 10 වෙනිදාට පෙර අදියර කිහිපයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.

පළමු අදියර යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇදිරි නීතිය පැනවු පොලිස් බල ප‍්‍රදේශ 03ක පවුල් 80,000 ක් සදහා මේවනවිටත් රුපියල් 5000 දීමනාව ගෙවීම අවසන් කර තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ , දිවුලපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලටයි.

ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත් පවසන්නේ මෙම 5000 දීමනාව අද සිට ගෙවීමට අදාල උපදෙස් මේ වන විටත් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී ඇති බවයි. ඒ අනුව අත්තනගල්ල, මීරිගම හා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අදාල දීමනාව මෙතෙක් නොලැබුනු පවුල් වෙත අදාල දීමනාව ලබා දීමට ද කටයුතු යොදා තිබෙනවා. 

මෙම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල අදාල දීමනාව ලබාදිය යුතු පවුල් සංඛ්‍යාව 83,257 ක්. ඉන් අනතුරුව මහර පවුල් 45,503ක්, ගම්පහ පවුල් 39,342, දොම්පේ පවුල් 32,‍132, කටාන පවුල් 53,581ක්, ජා ඇල පවුල් 45,605ක්, කැළණිය පවුල් 33,849ක්, බියගම පවුල් 46,008ක්, වත්තල පවුල් 46,519ක් සහ මීගමුව පවුල් 38,458ක් සදහා ද මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

nethnews

Related posts

රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..

Shiran Viraj

ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..

Shiran Viraj

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

Shiran Viraj