September 17, 2026
International NewsNews

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රියාව අගුළු දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බවයි වියානා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බව සඳහන්.

මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්‍රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබෙන අතර ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

nethnews

Related posts

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..

Shiran Viraj

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj