26.1 C
Colombo
September 18, 2026
NewsSportsSports News

SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින් නව සාමාන්‍ය තත්ත්වයට රට අනුවර්තනය වීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බවද ඔහු පෙන්නුම් පවසයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ තම නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලුම තරග එක් ක්‍රීඩාංගනයක් කේන්ද්‍රගත කරගනිමින් මෙරටදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවිය ඇති බවයි.

නිරෝධායන නීති මාලාවක් යටතේ මෙම තරඟාවලිය පැවැත්විම සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා කර තිබේ.

lankacnews

Related posts

ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…

Shiran Viraj

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

Shiran Viraj

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

Shiran Viraj