25 C
Colombo
September 15, 2026
International NewsNews

සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයි

තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට ජනතාව හමුවේ අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, ලබන ජනවාරි මාසයේදී වෙනත් පරිපාලනයක් යටතට අමෙරිකාව පත් වුවහොත් රට අගුලූ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත්, එය කාලය විසින් තීරණය කරනු ඇති බවත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ පැවැත්වූ ට‍්‍රම්ප්ගේ කතාවේදී ඔහු පළමුවරට ජෝ බයිඞ්න්ගේ පරිපාලනයක් පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කළ ද, කිසිවිටෙකත් ජෝ බයිඞ්න්ගේ නම ප‍්‍රකාශ නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එමෙන්ම, ලබන අපේ‍්‍රල් මාසය වන විට සමස්ත අමෙරිකානු ජනතාවටම නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත හැකි බවට තමන් විශ්වාස කරන බව, ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

nethnews

Related posts

‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයි

Shiran Viraj

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තානාපතිවරුන් යළි කැඳවයි

Shiran Viraj