28.9 C
Colombo
June 2, 2026
NewsPolitical

ඩයනා ගමගේ නෙරපා දමයි..

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වූ පරිදි එම පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් 20 වන ආණ්ඩු ගත්තා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයේ විධායක කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා තිබිණි.

ඒ මහතා විසින් මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපා හැරීමේ තීන්දුව ගෙන ඇත.

එමෙන්ම 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අනෙකුත් මන්ත්‍රීවරුන් හත් දෙනා සම්බන්ධව තීරණය ගැනීමේ බලය ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් වෙත පවරා තිබේ.

ඒ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය සමගි ජනබලවේගයේ විධායක කමිටු වෙත දැන්විය යුතුය.

lankacnews

Related posts

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

Shiran Viraj

රනිල් 85%ක් ගන්නවා..

Shiran Viraj