26.7 C
Colombo
June 1, 2026
Uncategorized

ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.. ප‍්‍රදේශ කිහිපයක හුදකලාව ඉවතට..

දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 5.00 සිට එම තත්ත්වයෙන් මුදා හැරීමට කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ, මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම පොලිස් බල ප්‍රදේශද හෙට අළුයම 5 සිට හුදෙකලා බවින් මුදා හරින බවයි.

කෙසේ නමුත් මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස තවදුරටත් හුදෙකලා තත්වයේ පවතින බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම වැල්ලම්පිටියේ රන්සඳ සෙවන නිවාස සංකීර්ණයත් සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Related posts

බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..

Shiran Viraj

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Shiran Viraj

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Shiran Viraj