27 C
Colombo
July 27, 2025
Local NewsNews

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සිරුරූ රජයේ රෝහල්වල මෘත ශරිරාගාරවල එක් රැස්වී තිබෙන බවට ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරූ රජයේ වියමින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආදාහනය කිරිමට උපදෙස් ලබාදී ඇත.

එම ආදාහන කටයුතු සඳහා දරන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදිය යුතු බවට ද උපදෙස් ලබාදී තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Shiran Viraj

ගාස්තු ඉහළ දැම්මත් ප්‍රවේශ පත්‍ර පරණ මිලමයි – දුම්රිය මගී අයිතීන් උල්ලංඝනය කරනවා

Shiran Viraj