27.8 C
Colombo
July 4, 2026
Local NewsNews

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සිරුරූ රජයේ රෝහල්වල මෘත ශරිරාගාරවල එක් රැස්වී තිබෙන බවට ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරූ රජයේ වියමින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ආදාහනය කිරිමට උපදෙස් ලබාදී ඇත.

එම ආදාහන කටයුතු සඳහා දරන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදිය යුතු බවට ද උපදෙස් ලබාදී තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj

නුවරඑළියට මහ විපතක්: කඳපොළ එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශයි!

Shiran Viraj

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj