May 21, 2026
NewsPolitical

“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා

දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය. එහිදී මාධ්‍යය ඇමතූ බැසිල් රාජපක්ෂ මහතා “මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ” යනුවෙන් පවසා සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පවසා සිටියේ, කෙසේ නමුත් පාර්ලිමේන්තුවට යාමට තමන් කැමැත්තක් නැති බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තු ආවද නාවද ආර්ථිකය ශක්තිමත් කරන බවය.

” නමුත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍යතාවයක් ඇතිවුවහොත් මට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවනවා. තවම එවැනි තත්ත්වයක් ඇතිවී නැහැ” යනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වන සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍යය ලේකම් රොහාන් වැලිවිට මහතා තමාගේ නම පවා සඳහන් කරමින් ව්‍යාජ මාධ්‍යය නිවේදන නිකුත් කරන බව පවසා සිටියේය.

දේශීය ආර්ථිකයේ සුළු ව්‍යාපාරිකයා අණතුරට ලක්වන බරපතල තීන්දු ගැනීම සිදුවන අතර ආසන්නතම සිදුවීම ලෙස තල තෙල් ආනයනයට අවසර ලබාදීම හේතුවෙන් වෙළඳ පොලේ තල කිලෝවක් මිළ රුපියල්750 සිට රුපියල් 300 දක්වා පහත වැටී ඇත.

lankaleadnews

Related posts

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..

Shiran Viraj