29.5 C
Colombo
July 10, 2026
International NewsNews

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

ජපානයෙන් වාර්තා වන කුරුලු උණ වෛරස තත්ත්වය, මේ වනවිට එරට පළාත් හතරක් වෙත ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට එරට කුකුළු ගොවිපොළ පුරා මෙම වෛරසය ව්‍යාප්ත වෙමින් තිබේ. මෙය වසර හතරකට අධික කාලයකට පසුව රට තුළ මෙම වෛරසයේ දරුණු ව්‍යාප්ති අවස්ථාවක් බවද අමාත්‍යාංශය පවසයි. 

වෛරසය වාර්තා වන ආසන්නතම ස්ථානය ලෙස නිරිතදිග ජපානයේ ක්යුෂු දූපතේ පිහිටි මියාසාකි පළාතේ හ්යුගා නගරයේ පිහිටි කුකුළු ගොවිපොළක් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් මෙම කුරුලු උණ වසංගතය කුකුළු මස් පරිභෝජනයෙන් හෝ බිත්තර පරිභෝජනයෙන්ම මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් නොමැති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආසන්නතම හමුවීමත් සමග මියාසාකි කුකුළු ගොවිපොළේ සිටි කුකුළන් 40,000කට අධික ප්‍රමාණයක් මරා වළ දමා ඇතැයි පැවසෙයි. එසේම ගොවිපොළේ සිට කිලෝ මීටර් 3ක වපසරික් තහනම් කලාපයක් බවටද පත්කර තිබේ. පසුගිය මාසයේදී ජපානයේ ෂිකොකු දූපතේ කගාවා පළාතෙන් ප්‍රථම වරට මෙම කුරුළු උණ රෝගය වාර්තා විය. ක්යුෂු දූපතත් ඊට යාබදව පිහිටා තිබේ. එසේම මේ දක්වා කුකුළන් ලක්ෂ 18ක් මරා දැමීමට ලක්ව ඇතැයිද පැවසෙයි.

gossiplankanews

Related posts

ලංකාව ජපානයේ බිලියන තුනක ණය ගෙවීම පැහැර හැරලා.. එනිසා තව ලොකු ණය නෑ..

Shiran Viraj

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Shiran Viraj

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

Shiran Viraj