July 3, 2026
NewsSportsSports News

කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් යන කණ්ඩායම් ඊයේ සමත් වුණා.

ඒ, මෙවර එල් පී එල් තරගාවලියේදී භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් ඊයේ පැවති තරගවලින් පරාජය වීමත් සමගයි. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙම තරගාවලියේ අඛණ්ඩව ලද පස්වන පරාජයද මෙය වනවා. 

ඊයේ පැවති පළමු තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි ලකුණු 9ක ජයක් වාර්තා කළා. මෙම තරගයේදී දඹුල්ල වයිකින්ග් කි‍්‍රඩකයින් අතින් උඩපන්දු 5ක් ගිලිහීමද කැපී පෙනුනා.

මේ අතර ඊයෙ පැවති දෙවන තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලූ 7කින් පරාජය කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 105කට සීමා කිරීමට කලම්බෝ කිංග්ස් පන්දු යවන්නන් සමත්වුණා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී මෙම තරගය ජයගත්තා. 

Related posts

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

Shiran Viraj

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Shiran Viraj

විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහල දැමේ.. නව සැලසුම මෙන්න…

Shiran Viraj