September 16, 2026
Local NewsNews

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා මහතා පැවසුවා.

අදාළ පුද්ගලයා ‍දෙවැනිවරටත් PCR පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ස්වං නිරෝධායනයට යොමුකර සිටි අයෙක් බවයි පැවසෙන්නේ.

“ඉකුත් මාසේ 28 වැනිදා PCR පරීක්ෂණයට ලක්කරපු පුද්ගලයෙක් නැවත PCR පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍යතාව තිබියදී ඉකුත් 29 වැනිදා පෝය දිනයේදී අදාළ විහාරස්ථානයට දානය රැගෙන ගොස් තිබුණා. මෙම දානය පිළියෙල කරලා තියෙන්නේ එම නිවසේදී. එදින පිරිසක් ආගමික වතාවත්වලට සම්බන්ධවෙලා ඉඳලා තියෙනවා. විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ඒ සියලු දෙනාගේ විස්තර අපිට දැනුම්දුන්නා. ඔවුන් සියලුදෙනා අද සිට ස්වං නිරෝධායන කටයුතුවලට යොමු කරලා තියෙනවා. එම පිරිසගේ PCR පරීක්ෂණ තවත් දින කිහිපයකින් සිදුකිරීමට නියමිතයි,” යනුවෙන් ද මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

gagana news

Related posts

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

Shiran Viraj

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

Shiran Viraj

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Shiran Viraj