28.4 C
Colombo
July 12, 2026
Local NewsNews

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ වැඩිම ආදායම ලබන නළුවා ලෙස ප්‍රකට ‘විජේ’ ට අයත් ලංකාවේ ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.
ඔහුගේ ශ්‍රී ලාංකික බිරිය සංඛීතා සොර්නලිංගම් කොටහේන ප්‍රදේශයෙන් මිලට ගත් කෝටි 80 ක පමණ වටිනාකමින් යුතු විශාල ඉඩම ජාවාරම්කාරීන් පිරිසක් හොර ඔප්පුවක් හදා අලෙවි කරන්නට යාමේදී හසුව ඇති අතර මේ සම්බන්ධයෙන්  මේ වනවිට  තමිල්නාඩු පොලීසිය හා ශ්‍රී ලංකාවෙ පොලීසිය පැමිණිලි විමර්ශනය කරමින් පවතින බව වාර්තාවේ.
කොරෝනා වෛරසය පැතිර රට අගුළු දැමීමට ආසන්න කාලයේ මෙම ඉඩම විජේගේ බිරිය මිලට ගෙන තිබූ අතර අගුළුදැමීම නිසා ඉඩම ගැන වැඩිදුර සොයාබලා කටයුතු කරන්නට පමාවී තිබේ.

ජාවාරම් කරුවන් ඉඩම හොර ඔප්පුවකින් අලෙවි කරන්නට උත්සාහ දරා ඇත්තේ මේ අතරවාරයේය.


ඉන්දියානු නර්තන ශිල්පියෙක්, පසුබිම් ගායකයෙක් සහ ද්‍රවිඩ සිනමාවේ මුදුනින්ම වැජඹෙන නළුවා ලෙස පිළිගැනෙන විජේ 2017 දක්වා රැජිණි කාන්ත්ට පමණක් ආදායමින් දෙවැනි වූ අතර දෙමළ සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව ඉන්පසු හිමිකරගත්තේය. ෆෝබ්ස් ඉන්දියා කීර්තිමත් 100 ලැයිස්තුවට හත් වතාවක් ඇතුළත්වූ නළුවෙකි.
1999 දී එක්සත් රාජධානියේදී මුණගැසුණු ඔහුගේ රසිකාවියකවූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික සංඛීතා සොර්නලිංගම් සමඟ ඔහුගේ විවාහය සිදුවිය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටින අතර, පුතෙකු ජේසන් සංජේ 2000 දී ලන්ඩනයේ උපත ලැබීය. 

 දියණිය දිව්‍යා ශෂා 2005 දී චෙන්නායි හි උපත ලැබීය.  ජේසන් සංජේ තම පියා සමඟ වෙට්ටාකරන් (2009) චිත්‍රපටයේ ආරාධිත අමුත්තෙකු ලෙසද පෙනී සිටි අතර දිව්‍යා ශෂා තෙරී (2016) චිත්‍රපටයේ නව යොවුන් දියණියක ලෙස කුඩා චරිතයක් නිරූපණය කළාය.


විජේ සහ පවුල ඉඩම් හා දේපළ සම්බන්ධ ගැටලු වලට මේ ආකාරයට නිකරුනේ පැටලුණ වාර කිහිපයකි.
2020 පෙබරවාරි මාසයේත් ඉන්දියාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව චෙන්නායි හි විජේගේ නිවස වැටලූ අතර, නිශ්චල දේපල සඳහා ඔහු කළ ආයෝජනය පිළිබඳව පැහැදිලි කරන්නැයි දන්වා සිටියහ.
 විජේ විසින් අවශ්‍ය සියලු බදු ගෙවා තිබූ බව පසුව අනාවරණය විය. පාලක භාරතීය ජනතා පක්ෂය රංගන ශිල්පී විජේව මේ ආකර වැටලීම් මගින් දේශපාලනිකව ඉලක්ක කර තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයානිධි මාරන් චෝදනාකර තිබුණි.

Related posts

ආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැ

Shiran Viraj

පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ඉවත් කර ගැනීම සාධනීය පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි

Shiran Viraj

වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවා

Shiran Viraj