26.7 C
Colombo
September 15, 2026
Local NewsNews

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය හැකි පුද්ගලයන්ට බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත රෝග වැනි කොවිඞ් රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයනට පළමුව මෙම එන්නත ලබාදෙන බව ඇමැතිවරිය සඳහන් කළාය.

දෙවනුව කොරෝනා මර්දන කටයුතුවල යෙදෙමින් රෝගය ආසාදනය වීමේ අවදානම් සහිත රැකියාවල නිරත සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබාදෙන බවත් පැවසූ ඇමැතිවරිය ඒ අනුව මෙරට ජනතාවගෙන් පහෙන් එකකට මෙම එන්නත ලබාදිය හැකි බවද කීවාය.

මෙම එන්නත 2021 වසර ඇතුළත ශ‍්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.

– divaina

Related posts

රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..

Shiran Viraj

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

Shiran Viraj

පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…

Shiran Viraj