30.7 C
Colombo
July 27, 2025
Local NewsNews

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන භාරති දමිල මහා විද්‍යාලයේ මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් සදහා එම පාසලේ පැවති බාහිර පන්තියකට සහභාගි වි ආපසු (05) දින පස්වරු 2 ට පමණ ආපසු නිවස කරා යන අවස්තාවේ තේ වත්තේ බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි සිසුවියන් තිදෙනාට පහර දි ඇති බවත් , බඹරුන් පහර දෙන අවස්තාවේ සෙසු පාසල් සිසු සිසුවියන් පාසල වෙත දිවගොස් බේරි ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

රෝහල් ගත කල සිසුවියන් තිදෙනා අවු 16 හැවිරිදි පාසල් සිසුවියන් බවත් , එම පාසල් සිසුවියන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Shiran Viraj

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj