26.7 C
Colombo
July 4, 2026
Local NewsNews

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන හිටපු අධ්‍යක්‍ෂවරුන්.

ETI ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණා.

ETI ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙයසි නීතිපතිවරයා, පොලිස්පතිවරයාට ද උපදෙස් ලබාදී තිබුණේ. ඒ, රුපියල් බිලියන 13 යි දශම 7 ක තැන්පතු නීතිවිරෝධීව භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවයි.

Related posts

මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Shiran Viraj

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…

Shiran Viraj

මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!

Shiran Viraj