April 2, 2026
NewsPolitical

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක්  දෙනෙකු හඳුනා ගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

මෙම පළමු පෙළ ආශ්‍රීතයින් බවට හඳුනා ගනු ලැබූ මන්ත්‍රීවරුන් 15 දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග අදාළ අංශ විසින් මේ වන විට ලබාදෙමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් 15 දෙනාට PCR පරීක්ෂණ වලට ලක්වන ලෙසත් පසුව නිරෝධායනය වන ලෙස දැනුම් දී සිටින බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ. 

Related posts

අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..

Shiran Viraj

රනිල්-සජිත් එක්වෙයිද..

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj