28.9 C
Colombo
June 2, 2026
NewsPolitical

අගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..

අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවත් නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූවෙ මන්ත්‍රීවරුන් තමතමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළාල කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් පාර්ලිමේන්තුවට පිහියක් රැගෙන පැමිණිම සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගත යුතු බවයි.

නමුත් මේ වෙන තෙක් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු තුලදි මෙම ගැටළුව විසදා ගැනිමට හැකියාවක් නැති නම්  එය ජනතාවට ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

එසේ නොමැතිව නීති නිරෝධි ලෙස පැමිනියහොත් තම පාර්ශවයෙන්ද සටන් කරන බවද එ් මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Shiran Viraj

අප විදෙස් රටවල මිත්‍රත්වය අගයනවා.. නමුත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..

Shiran Viraj

චන්ද්‍රිකා තාක්ෂණය ගැන අවධානය යොමුකළ යුතුයි…

Shiran Viraj