July 6, 2026
Local NewsNews

රවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙනි.

රවි කරුණානායක මහතාට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.

2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාදිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනුකර තිබිණි.

Related posts

අලුත් අගමැති යෝජනා කෙරේ…

Shiran Viraj

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

Shiran Viraj

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj