29.5 C
Colombo
July 8, 2026
NewsPolitical

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

මිගමුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය සති අන්තයේ තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින්ය.

” 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රාහි ගමනක් ආරම්භ කිරීම වෙනුවෙන් නුගේගොඩින් ඇරඹුණු “මහින්ද සුළගේ” පුරෝගාමීන් වූ කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම්.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියමින් එය යථාර්තයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් කැපවීම වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි. 

සන්ධානය තුල ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ ඉහල තනතුරක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිටිය යුතුයි කියන අදහසයි අපි ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. එතුමා එම තනතුරේ සිටින ගමන් පක්ෂයේ ඉහල තනතුරක් ජනාධිපතිතුමාට ලබා දෙන්න කියලා. ඒ තුලින් පක්ෂයට මෙන්ම ආණ්ඩුවේ ඉදිරි ගමනට සුභවාදී තත්ත්වයක් ඇති වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් කියලා නැහැ වෙනත් පක්ෂ ගැන කතා කරන්න එපා කියලා. එහෙනම් අපි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්නේ.

මගේ පක්ෂයේ ඉන්නවා කිව්වා විදෙස් බුද්ධි අංශ වලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනෙක්. මම ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් චෝදනා කළ අයගෙන්ම ප්‍රකාශයක් අරගෙන සිදුවිම ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. ඔය සියලු දේවල් බොරු චෝදනා” අමාත්‍ය විමල් විරවංශ කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට සති අන්ත පුවත් පතක් සමග සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ජාතියෙන් සමාව ගත යුතු බවට ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක්‌ කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මහ ලේකම් නීතිඥ පාර්ලිමේන්තු සාගර කාරියවසම් ඊයේ ප්‍රකාශ කර සිටියා.

nethnews

Related posts

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

Shiran Viraj

රනිල් එජාපය හදන ගමන් අපිත් එක්ක ආණ්ඩු කරනවා..

Shiran Viraj

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Shiran Viraj