February 1, 2026
Local NewsNews

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් කරුංකා තොගයක් නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට උත්සහ කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

මේ අතර තීරු බදු ගෙවූ බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් කාගෝ ආයතනයේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කරගෙන ගොස් තිබූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. 

nethnews

Related posts

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

Shiran Viraj

එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-Video

Shiran Viraj

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

Shiran Viraj