25.6 C
Colombo
September 19, 2026
International NewsNews

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.

නාගරික ප්‍රදේශයන්හි එය පැය පහක කාලයක් දක්වා අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එරට තාප බලාගාර කිහිපයක්ම මේ වන විට ඉන්ධන, ගල් අගුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබේ.

අරගලකරුවන් විසින් පැවති ආණ්ඩුව පෙරළා දමා දැමීමෙන් පසු භාරකාර රජයක් යටතේ බංගලාදේශය ක්‍රියාත්මක වෙයි.

එම නව රජය යටතේ බංගලදේශය දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින අතර බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ අදානි සමාගම බංග්ලාදේශයට විදුලිය සැපයීම සීමා කර ඇත.

පවතින ආර්ථික අර්බුදය පියමං කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් බංගලාදේශ අන්තර්වාර රජය ඩොලර් බිලියන අටක ණය මුදලක් ඉල්ලා ඇත.

Related posts

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Shiran Viraj

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයෙන් ශ්‍රී ලංකන් වංචා විමර්ශනයට විශේෂ කමිටුවක්

Shiran Viraj

මැයි පළවනදා කැබිනට් සංශෝධනය සිදු කරනවා

Shiran Viraj