February 1, 2026
NewsPolitical

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සතුටින් පිළිගන්නා බවයි. පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතව තිබෙනවා. 

Related posts

මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)

Shiran Viraj

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

Shiran Viraj

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

Shiran Viraj