28.4 C
Colombo
July 24, 2026
NewsPolitical

විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.

එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ 10 වැනිදා දහවල් පවත්වා තිබේ.

ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට 10 පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

Related posts

රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපති

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…

Shiran Viraj