February 25, 2026
NewsPolitical

‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

දේශීය ලෝහ වාත්තු කර්මාන්තය නගා සිටුවමින් ජාතික කර්මාන්තකරණයට ඉටු කරන ලද අනුපමේය මෙහෙය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට උපහාර පිදීම (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ‘කිණිහිරයේ පිපුන මල’ නම් වූ විශේෂ ප්‍රණාම උළෙලකදී සිදු කෙරිණි.

වසර 20ක් තිස්සේ නොවිසඳී තිබුණු දේශීය ලෝහ වාත්තුකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයට මග පාදමින් ලෝහ සුන්බුන් අපනයනය ඇතුළු එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු රැසක් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය සහිතව විසදීමට කර්මාන්ත අමාත්‍යවරයා ඉතා කෙටි කලක් තුළ කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ප්‍රණාම උළෙලක් සංවිධානය කළ බව දේශීය ලෝහ වාත්තුකරුවන්ගේ සංගම් එකමුතුව පවසයි.

ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සංවර්ධන සමුපකාර සමිතිය, සී/ස සුළු හා මධ්‍ය පරිමාණ චීනට්චට්ටි වාත්තු කර්මාන්තකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා ලෝහ වාත්තුකරුවන්ගේ සංගමය යන ප්‍රමුඛතම දේශීය ලෝහ වාත්තුකරුවන්ගේ සංගම් ඇතුළු සෙසු සංගම් මෙම ප්‍රණාම උළෙල සංවිධානය කොට තිබිණි.

මෙම ප්‍රණාම උළෙලට බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

Related posts

ලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්

Shiran Viraj

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Shiran Viraj