25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (03 ) මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ මෙම ගැබිනිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඇයට ‘කොවිඩ් ’ ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා. පසුව දරු ප‍්‍රසුතිය සඳහා රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා විසින් ඇය ‘සීසේරියන්’ සැත්කමට යොමුකිරීමට තීරණය කර තිබෙනවා. බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් මව කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

Related posts

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Shiran Viraj

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද අප්‍රේල් සහ මැයි දක්වා ඉන්ධන තොග සුරක්ෂිත බව ඛනිජ තෙල් සංස්ථාව සහතික කරයි

Shiran Viraj

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj