30.6 C
Colombo
July 2, 2026
Local NewsNews

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පති වරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසියට පැමිණිලි කිරීමට රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ නීතිඥයා කටයුතු කර තිබේ.

තම සේවාදායකයන්ට ඇප ලබා දීමෙන් පසු අධිකරණයට අපහාස කරමින් චමුදිත සමරවික‍්‍රම මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් කළ බව ඔහුගේ නීතිඥයන් මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ ගැනි අධිකරණයටද පැමිණිලි කරන බව ඔහු පැවසීය.

චමුදිත සමරවික්‍රම මහතා සමග ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියටත් කොටුව පොලිස් ස්ථානයටත් පැමිණිලි කර ඇතැයි ඔහු කියා සිටියේය.

එමෙන්ම නිරෝධායන නීති කඩකරමින් යූටියුබ් මාධ්‍ය ඔස්සේ වැඩසටහන පෙනී සිටි බව පවසමින් රහස් පොලිසියට සහ කොටුව පොලිස් ස්ථානයට තවත් පැමිණිල්ලක් ඔවුන් සිදු කර තිබේ.

හරීන්ද්‍ර ජයලාල් මහතා විසින් පවත්වන ලද සාකච්ඡාවකට චමුදිත සමරවික්‍රම මහතා සහභාගී වූයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බව පැමිණිලිකරුවන් කියා සිටී.

ඒ අනුව නිරෝධායන රෙගුලාසි අනුව චමුදිත සමරවික‍්‍රම සම්බන්දයෙන්ද කටයුතු කරන්නැයි පැමිණිලිකරුවන් ඉල්ලා ඇත.

lankacnews.com

Related posts

පාස්කු විමර්ශන ඇණහිට ඇති බවට කොළඹ අගරදගුරු මැඳුරෙන් චෝදනාවක්

Shiran Viraj

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

තවත් 275කට කොරෝනා…

Shiran Viraj