26.7 C
Colombo
March 31, 2026
NewsPolitical

පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..

ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේ දී ආණ්ඩුවේ අමාත්‍යවරයකු අසරණ කිරීම සුදුසු නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල වැඩි කිරීම උදය ගම්මන්පිල මහතා තනිවම ගත් තීරණයක් නොව ආණ්ඩුවේ සාමූහික තීරණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට විපක්ෂයේ විසින් ගෙන එන විස්වාසභංගය පරාජය කිරීමට සූදානම් බවද පැවසූ ඔහු විපක්ෂය උත්සාහ කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගැනීම බවද කියා සිටියේය.

ආණ්ඩුවට මන්ත්‍රීධූර 150 ක් පමණ ඇති බවත් එනිසා ඉතා පහසුවෙන් ගම්මන්පිල මහතාගේ විශ්වාසභංගය පරාජය කරන බවත් ඔහු සදහන් කලේය.

Related posts

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

Shiran Viraj

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

Shiran Viraj

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

Shiran Viraj