26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට ලැබෙන වාර්තා එම පරීක්ෂණ වාර්තා අනුව සමාජයෙන් නොයෙකුත් ආකාරයෙන් වෛරසය පැතිරී ඇති බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

එනිසා ඉදිරි දින කිහිපය දැඩි තීරණ ගැනීමේ කාල සීමාවක් වනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

සංචරන සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ජනතාව සෞඛ්‍ය උපදෙස් කිසිවක් නොතකමින් හැසිරෙන බව පෙනී යන බවද පවසන ඒ මහතා බොහෝ ප්‍රදේශවල ජනතාව සංචාරය කරමින් අවදානම් ලෙස හැසිරෙමින් ඇතැයිද කියා සිටියේය.

ඉදිරි දින කිහිපයේදී ද මේ ආකාරයෙන් පැවතුණහොත් එළඹෙන සති දෙකෙන් පසු නැවතත් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට රට පත්වනු ඇතැයි ද ඒ මහතා පැවැසීය.

එනිසා මෙම කාල සීමාව ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කීය.

දැනට හදුනාගන්නා රෝගීන්ගේ අඩුවක් පෙනෙන්නේ සැබෑ ලෙසම රෝගීන් අඩුවීමක් නොව පලමු පෙල ආශ‍්‍රිතයන් සදහා සිදු කරන පරීක්‍ෂණ ප‍්‍රමානවත් නොවීම නිසා යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයට

Shiran Viraj

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Shiran Viraj

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj