29 C
Colombo
May 24, 2026
Local NewsNews

රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…

විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් , ඉනාමළුව, 53 වන පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි, එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහභාගි විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් උත්සවයට සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබූ ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය විසින් විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල යටතේ උපකාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ පැමිණිලි වාර්තා කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පහසුකම් සලසා දී තිබිණ.

මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදුකල උත්තරීතර කැපකීරීම, යුධ ගිනි ඇවිලී තිබූ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අපරිමිත කැපකිරීම් පිළිබඳව හා රාජකාරි කටයුතුවලදීත්, ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන අපරමිත සේවය මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැසසුමට ලක් කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමට ද බලාපොරොත්තු වන බව ද අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කලේය.

ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලද අතර, පැමිණි සිටි විශ්‍රාමික රණවිරුවන් වෙත හා ජිවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කර තිබූ වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණ.

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ, යුධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, යුධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, රාජ්‍ය නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

– Media unit

Related posts

ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…

Shiran Viraj

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

Shiran Viraj

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj