August 10, 2026
NewsPolitical

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක අවම කාලසීමාවක් රට හුදෙකලා කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ඊට වඩා අඩු කාලයක් රට වසා දැමීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැතැයිද ඒ මහතා පැවසීය.

අද වන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉතා දරුණු තත්වයට ලඟා වී ඇති බවද පැවසූ ඔහු සෑම ගමකම කොරෝනා මළ ගමක් අසන්නට ලැබෙන බවද කියා සිටියේය.

ගෝලීය වසංගත තත්වයන් අනුව ශ්‍රී ලංකාව ඉතාමත් ඉහල දර්ශකයන් පෙන්නුම් කරමින් ඇති බවත් ජනගහනය මිලියනයකට සිදුවන වැඩිම මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවත් ඔහු කීය.

අද සිදුවන වසංගත මරණවලට වත්මන් රජය පැහැදිලිවම වගකිව යුතු බවද කී ඔහු වසංගතය පාලනයට ගත හැකිව තිබූ සෑම පියවරක්ම ගත යුතු මොහොතේ නොගැනීම විසින් මෙම තත්වය ඇතිව තිබෙන බවද සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj

පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..

Shiran Viraj

කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයි

Shiran Viraj