25.7 C
Colombo
July 25, 2025
NewsPolitical

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක අවම කාලසීමාවක් රට හුදෙකලා කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ඊට වඩා අඩු කාලයක් රට වසා දැමීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැතැයිද ඒ මහතා පැවසීය.

අද වන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉතා දරුණු තත්වයට ලඟා වී ඇති බවද පැවසූ ඔහු සෑම ගමකම කොරෝනා මළ ගමක් අසන්නට ලැබෙන බවද කියා සිටියේය.

ගෝලීය වසංගත තත්වයන් අනුව ශ්‍රී ලංකාව ඉතාමත් ඉහල දර්ශකයන් පෙන්නුම් කරමින් ඇති බවත් ජනගහනය මිලියනයකට සිදුවන වැඩිම මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවත් ඔහු කීය.

අද සිදුවන වසංගත මරණවලට වත්මන් රජය පැහැදිලිවම වගකිව යුතු බවද කී ඔහු වසංගතය පාලනයට ගත හැකිව තිබූ සෑම පියවරක්ම ගත යුතු මොහොතේ නොගැනීම විසින් මෙම තත්වය ඇතිව තිබෙන බවද සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

Shiran Viraj

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Shiran Viraj

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

Shiran Viraj