September 13, 2025
BusinessBusiness NewsNews

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

රට වසා තැබීම ශ්‍රී ලංකාවටත් තවදුරටත් ඔරොත්තු නොදෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මෙම රට වසා දැමීමේ විපාකවලට ජනගහනයෙන් අඩකට මුහුණ දීගත නොහැකි බවද සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට පමණ මේ නිසා ඇති වන පීඩාව තවදුරටත් දරා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටියි.

මෙමගින් රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත්වන බවත් දිගුකාලීන ආර්ථික හානිය දැවැන්ත බවත් ඔහු පෙන්වා දේ.

දැඩි සෞඛ්‍ය රීති ක්‍රියාත්මක කරනාවත් සමගම රට විවෘත කළ යුතු බවද පවසන ඒ මහතා රාජකාරි ව්‍යාපාරික සහ අනිකුත් කටයුතු ද අඛණ්ඩව සිදු කල යුතු බවද කියා සිටී.

තමන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි

Shiran Viraj

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj

රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයි

Shiran Viraj