27.8 C
Colombo
May 24, 2026
NewsPolitical

මා පලදින්නේ හොදම වර්ගයේ Mask එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..- බන්දුල

තමනට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හොදම වර්ගයේ මුව ආවර්ණක් පලදින තමන් එය ඉවත් කලේ නිල රථයේදී පමණක් යයිද ඒ මහතා පවසයි.

ඒ බව සදහන් කරමින් තම සමාජ ජාල ගණුමේ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

” රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක මහජන නියෝජිතයෙකු වන මා හට රාජකාරි වලින් මිදිය නොහැකි වනවා මෙන්ම මාගේ නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට ද සිදු ව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස මාගේ රාජකාරි කටයුතු අද දිනද Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන්නෙමි.

මෙහිදී මා හා පසුගිය දින කිහිපය පුරාවටම සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින්, පහසු පරිදි සිය රාජකාරිය මාර්ගගත ඉටු කිරීමටද මා විසින් උපදෙස් ලබා දුන් අතර මොහොතකට හෝ රාජකාරියෙන් බැහැර වීම, රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බැවින් මාගේ වගකීම ආරක්ෂිතව ඉටු කරමි.

එසේම, ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි. මන්ද යත්, මෙතෙක් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදිත Respirone Nano AV 99 මුහුණු ආවරණය පැළඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝ දෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය.

නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි. ඒ වන විටත් වෙෙරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි.

එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න.”

Related posts

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

Shiran Viraj

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…

Shiran Viraj

කොරෝනා නිසා වැලිකඩ රැදවියෝ විරෝධතා.. ඇප ඉල්ලා වහලයට නගිති..

Shiran Viraj