30 C
Colombo
June 3, 2026
Local NewsNews

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06)  දින අත්අඩංගුවට ගනු ලැබීය.

උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාල ධානපතියාගේ නිවසේ සිට මෙලෙස එක් වැසියෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් සෞඛ්‍ය නීති කඩකරමින් එක්රැස් වී ඇත.

එහිදී අදාල සිදුවීම පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට සහ සෞඛය නිලධාරීන්ට වාර්ථා වීමත් සමග එම ස්තානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් විසුරුවා හැරීමට පියවර ගෙන අදාල ධානපතියා සමග මුදල් බෙදමින් සිටි තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගනු ලැබිය.

පොලිස් භාරයට ගත් පිරිසගෙන් සිදුකරන ලද ප්‍රශන කිරීමේදී අනාවරනය වී ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිටින තම පුතා විසින්  ධානපතියාට මුදල් එවූ බවටත් එම මුදල් සාමාන්‍ය ජනතාවට බෙදාදෙන ලෙසට තම පුතු විසින් ඉල්ලීම නිසා එලෙස මුදල් බෙදා දීම සිදුකල බවටය.

මෙලෙස මහජනතාවට එක් අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2 ක පමණ මුදලක් බෙදා දීමට සූදානමක් තිබූ බවටද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලිස් භාරයට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මුදාහැරීමට නෙල්ලිඅඩි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Shiran Viraj

උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්

Shiran Viraj