30 C
Colombo
September 19, 2026
BusinessBusiness NewsNews

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

තමන් පසුගිය දා ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළ බවත් එහිදී එම කර්මාන්ත කරුවන් සමග කරන ලද සාකච්ඡා වල දී ඔවුන් මේ බව පැවසූ බවද මන්ත්‍රීවරයා කීය.

අඩු පිරිවැයකින් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටිය ද මෙරට රජය එවැනි සංවර්ධන කටයුතුවලට ඉඩක් ලබා නොදෙන නිසා එම ආයෝජනයන් සිදු වන්නේ නැති බව ද ඒ මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදි.

Related posts

ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වෙන්න තීරණය කරයි.. යෝජනාව සම්මතයි…

Shiran Viraj

විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj

පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..

Shiran Viraj